කටුනායකින් ආසාදිතයන් 123ක්


ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද  දින වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙස , ආසාදිතයන් 123 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් අද  දින  වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 80 දෙනෙකු වාර්තා වී සිටිති.

ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 1,839 දෙනෙකු වාර්තා වී තිබේ .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී සිටිති .

ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 65 ක සේවය කරන සේවකයින් 1,726 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

 



Recommended Articles