කටුනායකින් 200ක් එද්දී 538ක් ආපසු යයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත 01/08 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 200 දෙනෙකු ගුවන් යානා 06 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 538 දෙනෙකු ගුවන් යානා 07 කින් පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

එසේ පැමිණ තිබූ ගුවන් මගීන් පිරිස අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 51 දෙනෙකු ද , ජපානයේ නරීටා සිට 44 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 31 දෙනෙකු ද මෙම කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

 මෙම ගුවන් මගීන් පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කීපයක සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව ,සංචාරක හෝටල් වෙත නීරෝධායනය සඳහා යොමු කර තිබේ.



Recommended Articles