කටුනායකදී ව්‍යාජ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු අත් අඩංගුවට ගනී


ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් , ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් , අත්‍යාවශ්‍ය සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර සකස් කරමින්,විවාහ තුනක් සිදු කර ගනිමින් , කටුනායක , කෝවින්න  ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ රාජකාරියක නියැලී සිටි පුද්ගලයෙකු 11/15 දින කටුනායක පොලීසිය සිදු කළ විශේෂ වැටලීමකින් පසුව අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු වෙන්නප්පුව , ලුනුවිල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles