කටුනායකට වසර 10ක් සඳහා තාවකාලික මගී පර්යන්තයක්


කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේවසර 10ක් සඳහා තාවකාලික මගී පර්යන්තයක් ඉදිකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(19දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ජයිකා ආයතනය සමග එක්ව ඉදිකිරීමට තීරණය කළද, එය තවදුරටත් ප්‍රමාද වන බැවින් මෙම මගී පර්යන්තය ඉදිකරන බව අමාත්‍යවරයා පැවසීය.

තාවකාලික මගී පර්යන්තය වසර 10ක් භාවිත කළ හැකි පර්යන්තයක් බවත්, ඒ අතරතුර කාලයේදී දෙවැනි මගී පර්යන්තය ඉදිකරන බවත් සිරිපාල අමාත්‍යවරයා කීවේය.

 

 



Recommended Articles