කටුනායකට එන්න බැරිව ඉන්දියාවට ගිය ශ්‍රී ලන්කන් යානා යළි එයි


කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට 10/30 දින සවස් කාළයේ සිට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ අතර ඒවා යළි 10/30 දින  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම වැසි තත්වය මත්තල ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ද එකසේ පැවති නිසා කටුනායක ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාළකවරුන් මෙම ගුවන් යානා දෙක ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබුණි .

ඒ අනුව 10/30 දින සවස 06.25 ට මාළදිවයින සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 111 දරන ගුවන් යානය සහ ඉන්දුනීසියාවේ ජකර්තා ගුවන් තොටුපොළේ සිට 10/30 දින සවස 06.30 ට ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානය එසේ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත

පසුව 10/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති  වැසි තත්වය මදක් පහව ගොස් කාළගුණික තත්වය යහපත් වූ පසු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානය රාත්‍රී 09.38 ටත් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  යූ.එල්.- 111 දරන ගුවන් යානය රාත්‍රී 10.12 ටත් යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත සාර්ථක ලෙස ගොඩ බස්සවා තිබුණි .



Recommended Articles