කටුනායකට එනවනම් පැය හතරකටවත් කලින් එන්න


කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට මුහුණ පාමින් සිටින අතර , එනිසා ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින නිසා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04 කට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් , ඒ සදහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක්  භාවිතා කරන ලෙසත් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා 05/22  දින පස්වරුවේ  නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී .

මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද ප්‍රදේශය ගංවතුරින් යට වී ඇති අතර , කෝවින්න ප්‍රදේශය ද ගංවතුර ආපදා තත්වයට ලක් වී තිබේ .

එනිසා විකල්ප මාර්ග භාවිතා නොකර ප්‍රධන අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් දැනුම් දී සිටී. 



Recommended Articles