කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් තුන්දහස ඉක්මවයි


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 24 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව අද දින වනවිට , මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 3,741 දෙනෙකු වාර්තා වී සිටිති .

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් 19 දෙනෙකුට ද , අද දින කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව මේ දක්වා මෙම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 73 ක සේවය කරන සේවකයින් 3,529 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

 



Recommended Articles