කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් තවත් ඉහළට


කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 48 දෙනෙකු අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා  මෙම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,165 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිටින 23 දෙනෙකු ද  අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 2,224 දෙනෙකු වාර්තා වී සිටිති .

අද දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිතයන් 722 දෙනෙකු වාර්තා වී සිටින අතර , දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 121 දෙනෙකු ද , මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන්  89 දෙනෙකු ද වාර්තා වී සිටිති .

 



Recommended Articles