කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් ඉහළට


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සියලුම සේවකයින් වෙත මේ වනවිට  කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබුණ ද , අද දින මෙම කළාපය තුළ සේවය කරන සේවකයින් 22 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තා වී සිටිති .

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයට අමතරව , කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු අද දින සොයාගෙන තිබේ .

ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් , මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් 3,593 දෙනෙකු හදුනා ගෙන තිබේ .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 70 ක සේවය කරන 3,429 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

 



Recommended Articles