කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් ඉහළට


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 86 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ පිරිස අතර කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු වාර්තා වී සිටිති .

ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,600 දෙනෙකු වාර්තා වී තිබේ .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් 06/07 දින තවත් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු ද වාර්තා වී තිබේ .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි  කර්මාන්තශාලා 64 කින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,382 දෙනෙකු වාර්තා වී සිටිති .

 



Recommended Articles