කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් ඉහළට


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 70 දෙනෙකු වාර්තා වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 44 දෙනෙකු අද දින කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී තිබේ .

ඒ අනුව මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,375 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු අද දින වාර්තා වී තිබේ .

ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 2,428 දෙනෙකු වාර්තා වී සිටිති .

එමෙන්ම අද දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින්  කොරෝනා ආසාදිතයන් 526 දෙනෙකු සොයාගෙන ඇති අතර , බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන්  84 දෙනෙකු ද , වත්තල කොට්ඨාසය තුළින් 48 දෙනෙකු ද , මීරිගම කොට්ඨාසය තුළින් 45 දෙනෙකු ද , දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 44 දෙනෙකු ද හදුනා ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

 

 



Recommended Articles