කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් ඉහළට


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 66 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වී සිටිති .

ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,368 දෙනෙකු වාර්තා වී තිබේ .

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් 25 දෙනෙකු අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,260 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එසේම 06/01 දින ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිතයන් 501 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අතර දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 62 දෙනෙකු ද , ජා - ඇළ කොට්ඨාසය තුළින් 53 කොරෝනා ආසාදිතයන්  දෙනෙකු ද , අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 50 දෙනෙකු ද සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles