කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් ඉහළට


කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින  කොරෝනා ආසාදිතයන් 64 දෙනෙකු වාර්තා වී සිටින අතර , ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 1,903 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

එසේම අද දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිතයන් 753 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 579 දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් වාර්තා වී ඇති අතර , ඉතිරි 174 දෙනා දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් සහ අතරමැදි වෛද්‍ය මධ්‍යස්ථාන තුළින් සොයාගෙන තිබේ .

එමෙන්ම අද දින මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 152 දෙනෙකු ද , බියගම කොට්ඨාසය තුළින් 95 දෙනෙකු ද , වත්තල කොට්ඨාසය තුළින් 69 දෙනෙකු ද , ජා - ඇල කොට්ඨාසය තුළින් 61 දෙනෙකු ද , මිනුවන්ගොඩ කොට්ඨාසය තුළින් 57 දෙනෙකු ද , අත්තනගල්ල කොට්ඨාසය තුළින් 52 දෙනෙකු ද වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වී සිටිති 

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිතයන් සොයා පී.සී.ආර්.පරීක්ෂණ 2,460 ක් අද දින සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles