කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් 3,545ක් දක්වා ඉහළට


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 52 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

අද දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිතයන් 36 දෙනෙකු වාර්තා වී සිටිති.

ඒ අනුව මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 70 ක සේවය කරන සේවකයින් 3,392 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එසේම මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන 32,000 සේවක පිරිසෙන් 60% කට වැඩි පිරිසකට මේ වනවිට එන්නත් ලබා දී තිබේ .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද අද දින තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තා වී සිටිති.

ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 3,545 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

 



Recommended Articles