කටුනායක සිදුව බල ප්‍රදේශයේ ආසාදිතයින් 2,500 ඉක්මවයි


ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය බවට පත් වෙමින් , කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,501 දෙනෙකු වාර්තා වී සිටිති .

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 460 දෙනෙකු වාර්තා වී ඇති අතර , මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන්  68 දෙනෙකු ද , අත්තනගල්ල කොට්ඨාසය තුළින් 60 දෙනෙකු ද , ජා - ඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 53 දෙනෙකු ද වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles