කටුනායක සිදුව බල ප්‍රදේශයෙන් ආසාදිතයින් ඉහළට


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා වී සිටිති .

ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 2,201 දෙනෙකු වාර්තා වී සිටිති .

එමෙන්ම මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පිරිමි පුද්ගලයන් 15 දෙනෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා දිවුලපිටිය රෝහල වෙත යොමු කර තිබේ .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළ සේවය කරන සේවකයින් 43 දෙනෙකු ද අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා කාළය තුළ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,117 දෙනෙකු  කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .



Recommended Articles