කටුනායක සිදුව බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 2,099ක්


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 50 දෙනෙකු වාර්තා වී සිටිති.

ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,099 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළින් තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තා වී තිබේ .

ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,032 දෙනෙකු කොරෝනා ආසාදිතයන්  බවට පත් වී සිටිති .

එසේම අද දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිතයන් 593 දෙනෙකු වාර්තා වී සිටින අතර , එහෙත්  05/24 දින කොරෝනා ආසාදිතයන් සොයා පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර තිබුණේ 302 ක් පමණි

 



Recommended Articles