කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින් ඉහළට


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සහ එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ 05/04 දින කොරෝනා ආසාදිතයන් 36 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු 05/04 දින වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 1,403 දෙනෙකු හදුනා ගෙන තිබේ .
 
එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 04 සේවය කරන සේවකයින් 07 දෙනෙකු ද 05/04 දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන සේවකයින් 1,309 දෙනෙකු හට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
 
එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළින් 05/04 දින කොරෝනා ආසාදිතයන් 359 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඔවුන් දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් 276 දෙනෙකු ද , දිස්ත්‍රික්කය තුළ ඇති රෝහල් අතරින් 83 දෙනෙකු ද හහදුනා ගෙන තිබුණි .


Recommended Articles