කටුනායක වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට


කටුනායක පොලිස් වසමේ , හීනටියන ප්‍රදේශයේ පෙරේදා (15දා) දින රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හීනටියන , මහගම ප්‍රදේශයේ පදිංචි කඩුපිටිගේ චන්දිමාල් ගාමිණී ද සිල්වා නැමැති ව්‍යාපාරිකයෙකි.

ඔහු තම වැඩිමහල් සොහොයුරෙකු සමග මණ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී මෙම වෙඩි තැබීමට ලක් වී තිබුණි.

ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

වෙඩි තැබීම පිළිබඳව මෙතෙක් කිසිදු පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන නොමැත

 



Recommended Articles