කටුනායක විදුලිය බිද වැටීම් 270ක්


කටුනායක ප්‍රදේශය හරහා 05/26 දින රාත්‍රී හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් නිසා ප්‍රදේශයේ විදුලිය බිද වැටීම් 270 ක් පමණ සිදු වී ඇති බව කටුනායක වලානගොඩ ප්‍රාදේශීය විදුලි උප පොළේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

05/26 දින රාත්‍රී 10.00 ට පමණ ක්ෂණිකවම මෙම සුළි කුණාටුව ප්‍රදේශය ඔස්සේ හමා ගිය අතර , ඒ සමගම ප්‍රදේශයේ විදුලිය බිද වැටීම ද සිදු විය .

මෙම සුළි කුණාටුව නිසා ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතිය මතට ගස් කීපයක්ම කඩා වැටී තිබේ .

එසේම  05/27 දින සවස් වනවිටත් , තවදුරටත් විදුලිය බිද වැටීම් පිළිබඳව පැමිණිළි ලැබෙමින් පවතින බව ද එම ප්‍රකාශකවරයා පැවසීය .

සාමාන්‍ය දිනයක මෙවැනි විදුලිය බිද වැටීම් පිළිබඳ පැමිණිල්ලකට විනාඩි 15 ක කාළයක් තුළ කටුනායක  විදුලි බල මණ්ඩල සේවකයින් ප්‍රතිචාර දැක්වූවද , මෙවැනි අති විශාල බිද වැටීම් ප්‍රමාණයක් තුළ තම සේවකයින් ද අසීරුතාවට පත් වී ඇති බව ද මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල

 

 



Recommended Articles