කටුනායක ප්‍රදේශයේ ඩීසල් හිඟයක්


ඉන්දීය අයි.ඕ.සී.සමාගම , සිය ඩීසල් අලෙවි කිරීමේ මිළ රුපියල් 03 කින් ඉහළ දැමීමත් සමගම , කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්ධන පිරවුම් හළ ඇතුළු අවට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළ් වලද , ඩීසල් , දැනට දින තුනක සිට නොමැති වීම නිසා ප්‍රදේශවාසී  වාහන හිමිකරුවන් මෙන්ම ගුවන් තොටුපළ මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වෙත පැමිණෙන වාහන කරුවන් ද බලවත් අසීරුතාවට පත් වී සිටිති .

ඉකුත් පෙබරවාරි 07 දින සිට මෙම ඉන්ධන පිරවුම් හළ් වල ඩීසල් නොමැති අතර , මේ පිළිබඳව සිදු කළ විමසීමකදී කටුනායක  ගුවන් තොටුපළ ඉන්ධන පිරවුම් හළේ ප්‍රකාශකවරයෙකු පැවසූවේ , දැනට දින තුනක සිට  මෙම ඉන්ධන පිරවුම් හළ තුළ ඩීසල් නොමැති අතර , දිගින් දිගටම කොළඹ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් ලබා ගැනීම සදහා ඇනවුම් කළ ද , මේ වනතුරු ද , ඩීසල් නොලැබුණු බවය .
 
එමෙන්ම සීදුව , මීගමුව වැනි ප්‍රදේශ වල පිහිටි ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හළ් තුළ ද ඩීසල් නොමැති තත්වයක් උදා වී තිබේ .
 
කටුනායක ගුවන් තොටුපළ සහ නිදහස් වෙළෙඳ කළාපය සතුව විශාල වාහන ප්‍රමාණයක් දිනපතා ධාවනය කිරීම් සදහා යොදවන අතර , මෙම ආයතන වෙත ශ්‍රී ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ වල සිට දිනපතාම වාහන විශාල සංඛ්‍යාවක් ද පැමිණීම සිදු කෙරෙමින් පවතින අතර , ඒවා බොහොමයක් ඩීසල් මගින් ධාවනය වන රථ වාහන වේ .


Recommended Articles