කටුනායක ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයන් 42ක්


කටුනායක ප්‍රදේශයේ 06/12 දින කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන 27 දෙනෙකු 06/12 දින කොරෝනා වෛරසයට ගොදුරු වී සිටිති .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 69 ක සේවය කරන සේවකයින් 2,467 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද 06/12 දින තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු සොයාගෙන තිබේ .

ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 2,733 දෙනෙකු වාර්තා වී තිබේ .

එසේම 06/12 දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් වාර්තා වී ඇති සියලුම කොරෝනා ආසාදිතයන් , නීරෝධායන ක්‍රියාවලිය සදහා සීදුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ පිහිටුවා ඇති අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles