කටුනායක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 60ක්


කටුනායක ප්‍රදේශයේ 06/09 දින කොරෝනා ආසාදිතයන් 60 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 03 ක සේවය කරන සේවකයින් 33 දෙනෙකු 06/09 දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 69 ක සේවය කරන සේවකයින් 2,440 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී තිබේ .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පදිංචිකරුවන් 27 දෙනෙකු ද 06/09 දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 2,633 දෙනෙකු වාර්තා වී තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles