කටුනායක පවිත්‍රතා සේවිකාවකට කොරෝනා


කොරෝනා ආසාධිතවී ඇති බව අනාවරණය වූ කටුනායක ගුවන් තොටුපල පවිත‍්‍රතා සේවිකාව ඇසුරු කළ මීරිගම ප‍්‍රදේශයේ සේවිකාවන් දෙදෙනෙකෙුගේ නිවෙස්වල පදිංචි පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමට මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ ( 70දා) සවස පියවර ගනු ලැබීය.

මෙසේ නිරෝධායනයට ලක් කරනු ලැබුයේ රදාවඩුන්න හා පල්ලෙවෙල ප‍්‍රදේශයන්හි නිවාස දෙකකි.

පුද්ගලික ආයතනයකට සම්බන්ධ මෙම සේවිකාව දින කිහිපයකට පෙර අසනීපවී පුද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන පසුගිය 3 වැනිදා යළි සේවයට පැමිණ ඇති අතර පසුව යළි අසනීපවීමෙන් පසු ඇය කොරෝනා තතත්වයෙන් පෙළෙන බව හෙළිවී තිබේ.

මෙම කාන්තාව පිරිසිදු කල කොටසට ආසන්න ස්ථානයන්හි සේවය කළ වෙනත් සේවක පිරිස් ද නිවෙස්වලට පිටත් කර ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. ඒ සමගම මෙතෙක් විවෘතව පැවති තීරු බදු රහිත වෛළද සංකීරණයේ වෙළෙදසැල්ද වසා දැමීට පියවර ගෙන ඇත.

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි



Recommended Articles