කටුනායක පරිගණක පද්ධතිය යථා තත්ත්වයට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය අද (09දා) උදෑසන 09.00 ට පමණ අක්‍රිය වූ අතර , එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බලවත් ප්‍රයත්නයක නිරත වීමෙන් අනතුරුව පස්වරු 01.00 ට පමණ එම පද්ධතිය යළිත් සක්‍රිය කර ගැනීමට හැකි වූ බව ගුවන් තොටුපළ  එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත තුළ ක්‍රියාත්මක වෙමින් පැවති මෙම පරිගණක පද්ධතිය අද (09දා) මෙන්ම ඊයේ (08දා) ද හදිසියේම අක්‍රිය වී ගොස් තිබුණි .

මෙම සිදුවීම මත ගුවන් මගීන් බලවත් අසීරුතා වලට ලක් වී තිබූ අතර , මෙම තත්වය පාලනය කිරීම සදහා එම නිලධාරීන් සිය රාජකාරී කටයුතු අතින් (Manual System ) සිදු කිරීමට පියවර ගෙන තිබුණි .

 



Recommended Articles