කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවකයින් 09 දෙනෙකුට කෝවිඩ්


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව 11/19 දින තහවුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 29 කින් , කොරෝනා ආසාදිත සේවකයින් 473 දෙනෙකු මේ වනවිට හදුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළින් 11/19 දින සවස 4.00 න් අවසන් පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් 93 දෙනෙකු තමන් වෙත වාර්තා වී ඇති අතර , ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වනවිට හදුනා ගෙන ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4,731 බවත් , මෙම පිරිස හදුනා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 68,040 ක් තම නිලධාරීන් විසින් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය .

11/19 දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් අතර වත්තල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 27 දෙනෙකු ද , මීගමුව කොට්ඨාසය තුළින් 22 දෙනෙකු ද , රාගම කොට්ඨාසය තුළින් 16 දෙනෙකු ද , බියගම කොට්ඨාසය තුළින් 10 දෙනෙකු ද වාර්තා වී ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles