කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවකයින්ට පෞද්ගලික රථවාහන තහනම්


කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් 2020.10.19 දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව , කර්මාන්තශාලාව විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි .

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත්‍රයක් සේ යොදා ගෙන , සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප්‍රදේශ වෙත ගමන් කර සිටියදී පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබුණි .

මේ නිසා කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවධානමක් මතු වී ඇති නිසා උසස් පොලිස් නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය .

ඒ අනුව 2020.10.19 දින සිට පෞද්ගලික රථවාහන වලින් පැමිණෙන සියලු සේවකයින් කර්මාන්තශාලාව විසින් ප්‍රවාහන පහසුකම් සළසා දෙන ලෙස කම්හල් හිමියන් පොලීසිය විසින් දැනුවත් කර තිබේ .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ආසන්නයේ පිහිටි නේවාසිකාගාර වල නැවතී සිටින සේවකයින් අවශ්‍ය නම් පා ගමනින් ද සේවය සදහා කර්මාන්තශාලා වෙත පැමිණිය හැකි බව ද කම්හල් හිමියන් ද එම සේවකයින් වෙත දැනුම් දී තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles