කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලාවක ගින්නක්


කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රිකරණය සිදු කරන  "ඉන්සී" නැමැති කර්මාන්තශාලාවේ අද දින හදිසියේම ගින්නක් හට ගෙන තිබේ .

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සහ කටුනායක ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකක ප්‍රයත්න දරමින් සිටිති .

කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් ද මේ වනවිට එම ස්ථානයට ගොස් මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

 

 



Recommended Articles