කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව ආසාදිතයින් 42ක්


කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 42 දෙනෙකු අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 64 ක සේවය කරන සේවකයින් 2,074 දෙනෙකු මේ දක්වා  කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු අද දින වාර්තා වී තිබේ .

ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 2,154 දෙනෙකු වාර්තා වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

 



Recommended Articles