කටුනායක ගුවන්තොටුපලේ ගුවන්යානා ප්‍රමාදයක් හා අවලංගු කිරීමක්


    කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් වාර්තා වී තිබේ .

කටුනායක ගුවන් තොටුපළෙන් 04/07 දින රාත්‍රී 06.25 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයේ පිටත්ව යාම 04/08 දින උදෑසන 09.15 තෙක් පැය 15 ක ට ආසන්න කාළයක් ප්‍රමාද වී තිබේ .

එසේම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත 04/08 දින අලුයම 04.45 ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 ගුවන් යානය 04/08 දින පස්වරු 04.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව දැනුම් දී ඇති බව සදහන් වේ . එම ගුවන් ගමනත් ඒ අනුව පැය 12 කට ආසන්න කාළයක් ප්‍රමාද වී තිබේ .

එසේම ජපානයේ නරීටා බලා කටුනායක ගුවන් තොටුපළෙන් 04.07 දින රාත්‍රී 07.15 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 454 ගුවන් යානය 04/08 දින අලුයම 01.50 ට පිටත්ව ගොස් තිබේ.

 එමෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මුම්බායි බලා 04/07 දින රාත්‍රී 11.40 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 141 ගුවන් ගමන අවලංගු කර තිබේ . එනිසාම 04/08 දින අලුයම 05.35 ට මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 ගුවන් ගමන ද අවලංගු කර තිබේ .

මීට අමතරව චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත 04/07 දින රාත්‍රී 07.00 ගොඩ බැස්සවීමට පැමිණි  චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 යානය , ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට තිබූ අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා මාලදිවයින මාලේ ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ . 

එමෙන්ම කුවේටයේ සිට කටුනායක ගුවන් තොටුපළ  වෙත 04/07 දින සවස 06.10 ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය ප්‍රමාද වී , 04/08 දින අලුයම 07.33 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ . 

 ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය එයට හේතු වී තිබුණි . 

 මෙම ගුවන් යානය තුළ මගීන් 97 දෙනෙකු පැමිණ සිටි අතර ඔවුන් බස් රථ මගින් , මහා මාර්ගය ඔස්සේ  04/08 දින අලුයම 03.30 වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත කැදවා ගෙන පැමිණ තිබුණි 

 

කටුනායක - ටී.කේ.ජී කපිල



Recommended Articles