කටුනායක ගුවන් තොටුපොළට අයාලේ යන සුනඛයන් ඇවිත්


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් ගැවසෙන ආකාරය 04/24 දින උදෑසන ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පිරිස් වෙත දැක ගැනීමට හැකි විය .

එම බල්ලන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන දෙස් - විදෙස් සංචාරකයන් ඉව කරමින් , ඔවුන්ට බාධා ඇති වන ආකාරයට හැසිරෙමින් සිටියේය .

මෙම බල්ලන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි පිවිසුම් දොරටු අසළ ගැවසෙමින් ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ සැරිසැරීම සිදු කරන බව මේ පිළිබඳව විමසීමකදී එහි සේවකයින් පිරිසක් සදහන් කළේය .

මෙම බල්ලන් කිසියම් ක්‍රමයකින් ගුවන් තොටුපළ ධාවන පථයට හෝ ගුවන් යානා අංගනය වෙත පිවිසිය හොත් එයින්  බරපතල අනතුරු සිදු විය හැකියාව පවතී .

 මීට පෙර වසර වලදී මෙසේ කටුනායක ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් සිටියහොත් ඔවුන්ට වෙඩි තැබීමට විශේෂ නිලධාරීන් ( Dog Shooter ) පත් කර තිබුණි .



Recommended Articles