කටුනායක ගුවන් තොටුපළ රසායනාගාරයට තවත් පී.සී.ආර්.යන්ත්‍රයක්


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්.වෛද්‍ය රසායනාගාරය වෙත නව පී.සී.ආර්.යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 39,000 ක් ස්විට්සර්ලන්ත රජය සහ අන්තර්ජාතික සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය විසින් 11/26 දින පිරිනමා තිබේ .

මෙම නව යන්ත්‍රය සවි කිරීමත් සමගම දිනකට මෙම රසායනාගාරය තුළ පී.සී.ආර්.පරීක්ෂණ 1300 ක ප්‍රමාණයක් දක්වා සිදු කිරීමේ ධාරිතාවය ඉහළ යන අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ද පැය 04 ක වැනි කෙටි කාළයක් තුළ නිකුත් කීරීමට ද හැකි වන ද ප්‍රකාශ වේ .

ඉදිරි කාළය තුළ සංක්‍රමණිකයන් ආරක්ෂිතව විශාල ප්‍රමාණයක් ගෙන්වා ගැනීමටත් , නියමිත වේලාවට ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කර ගැනීමටත් මෙම රසායනාගාරය වෙත මෙම පරිත්‍යාග කිරීම බෙහෙවින්ම ඉවහල් වේ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles