කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් 05 කට අවසර


කටුනායක ටී.කේ.ජී.කපිල

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් 05 දෙනෙකු දක්වා  රැගෙන ඒමට 2020.07.06 දින සිට අවසර ලබා දී තිබෙන බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .

එම මහජන ආලින්දය වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ වලට අනුකූලව එම පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්ය බව ද  සභාපතිවරයා වැඩිදුරටත් නිවේදනය කර සිටී.



Recommended Articles