කටුනායක කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට


කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 23 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 20 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 890 දෙනෙකු වාර්තා වී තිබේ .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ද , එහි පිහිටි කර්මාන්තශාලා 03 ක සේවය කරන සේවකයින් 03 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිත බවට අද දින හදුනා ගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 ක සේවය කරන සේවකයින් 860 දෙනෙකු  කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 449 දෙනෙකු , තම නිවෙස් වලම නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles