කටුනායක කොවිඩ් ආසාදිතයින් ඉහළට


කටුනායක ප්‍රදේශයේ ඊයේ දින කොරෝනා ආසාදිතයන් 183 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

මෙම වාර්තා වීම ඉතාමත් ඉහළ අගයක් බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

මේ අතරින් කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ඊයේ දින කොරෝනා ආසාදිතයන් 142 දෙනෙකු වාර්තා වී සිටිති .

ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 4,504 දෙනෙකු වාර්තා වී තිබේ .

එමෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් ද තවත් කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු ඊයේ දින හදුනා ගෙන තිබේ .

ඒ අනුව මෙම කලාපය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත සේවකයින් 3,951 දෙනෙකු වාර්තා වී තිබේ .

 



Recommended Articles