කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වයන් ඉහළට


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද  දින කොරෝනා වෛරසය ආසාදිතයන් 54 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සේවය කරන 43 දෙනෙකුට අද දින මෙම කොරෝනා වෛරසය  ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළින් මේ දක්වා එහි කර්මාන්තශාලා 50 ක සේවය කරන 1080 දෙනකුට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබාගෙන තිබේ .

එසේම අද දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළින් ද  , කොරෝනා ආසාදිත රෝගීන් 11 දෙනකු සොයාගෙන තිබේ .

ඒ අනුව මෙම කොට්ඨාශය තුළින් මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 1047 දෙනකු සොයා ගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ .

අද දින මෙසේ හඳුනා ගෙන  ඇති රෝගීන් වතුපිටි වල දිසා රෝහල සහ වරකාපොල දිසා රෝහල වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බව කටුනායක සීදුව  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

 



Recommended Articles