කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන්  179 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ,වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

අද දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් 644 දෙනා අතරින් , වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය ලෙස කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය පත් වෙමින් , අද දින කොරෝනා ආසාදිතයන් 99 දෙනෙකු මෙම කොට්ඨාසය තුළින්  වාර්තා වී තිබේ.

ඒ අනුව කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,645 දෙනෙකු වාර්තා වී සිටිති .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 80 දෙනෙකු ද අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන සේවකයින් 1,513 දෙනෙකු   මේ දක්වා කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එමෙන්ම අද දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා 2,255 ක් ප්‍රදේශවාසීන් හට එන්නත්කරණය කළ බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

එසේම මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කාර්යාලය තුළ කොරෝනා ආසාදිතයන් සොයා  පී.සී.ආර්.පරීක්ෂණ 100 ක් සහ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ 200 ක් සිදු කළ බව ද සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles