කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 122 දෙනෙකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 91 දෙනෙකු අද දින  වාර්තා වී තිබේ.

ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 1,486 දෙනෙකු වාර්තා වී සිටිති .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 31 දෙනෙකු  ද අද දින කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55 ක සේවය කරන 1,464 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

එසේම අද දින බියගම නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් 43 දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටිති .

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය පුරා සයිනොෆාම් එන්නත් මාත්‍රා 80,000 ක් ලබා දීමේ වැඩසටහන ද අද දින ආරම්භ කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත්  පැවසීය .

 



Recommended Articles