කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක සීදුව සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

එසේම මීට දින දෙකකට පමණ පෙර සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ 325 කින් 52 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබේ .

එම ආසාදිතයන් පිරිස ද අද දිනයේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට ඇතුළත් වී තිබේ.

එසේම මීට පෙර දින වල ද වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් ද මෙම කොට්ඨාසය තුළ සිටින අතර , ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නියමිතය.

 



Recommended Articles