කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 12 දෙනෙකු    අද දින කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ඇති කර්මාන්තශාලා 55 ක සේවය කරන සේවකයින් 1,278 දෙනෙකු මේ දක්වා මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබේ .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද අද දින නව කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු සොයාගෙන තිබේ .

ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,310 දෙනෙකු වාර්තා වී තිබේ .

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 243 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් 206 දෙනෙකු ද , දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් තුළින් 37 දෙනෙකු ද සොයාගෙන තිබූ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

 



Recommended Articles