කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන 10 දෙනෙකු අද  දින කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ .

ඒ අනුව මේ දක්වා කටුනායක වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 ක සේවය කරන 1,007 දෙනෙකුට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසය තුළින් ද අද දින කොරෝනා ආසාදිත රෝගීන් 08 දෙනෙකු හදුනා ගෙන තිබේ .

ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 1,014 දෙනෙකු සොයාගෙන තිබේ .

අද දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් හදුනා ගත් රෝගීන් දිවුලපිටිය මූලික රෝහල සහ වතුපිටිවල දිස්ත්‍රික් රෝහල වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබේ .

එමෙන්ම මෙම කොට්ඨාසයේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 436 දෙනෙකු තවදුරටත් අද දින වනවිට ඔවුන්ගේ නිවෙස් වලම නීරෝධායන සදහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles