කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළින් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු අද දින සොයාගෙන ඇති අතර , ඒ අනුව මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 ක සේවය කරන 985 දෙනෙකු මේ වනවිට මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ .

ඊට අමතරව කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද අද දින කොරෝනා ආසාදිත රෝගීන් 07 දෙනෙකු හදුනා ගෙන ඇති අතර , ඒ අනුව මෙම කොට්ඨාසය තුළින් කොරෝනා වෛරසය ආසාදිතයන් 1,000 ක් වාර්තා වී තිබේ .

 



Recommended Articles