කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ අද දින වනවිට ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන් 10,002 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් සහ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 09 දෙනෙකු ද වාර්තා වී තිබේ .

එයින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ඇති කර්මාන්තශාලා වල සේවය කරන්නන් 07 දෙනෙකු අද දින කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කර්මාන්තශාලා 50 ක සේවය කරන 970 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබේ .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළින් ද කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 02 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 993 දෙනෙකු වාර්තා වී තිබේ .

අද දින කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් හදුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගම්පහ , යක්කල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළ බව ද සුරේෂ් කුමාර මහතා පැවසීය .

 



Recommended Articles