කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ මෙම  ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 13 දෙනෙකු අද දින වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 11 දෙනෙකු අද දින වාර්තා වී තිබේ .

ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 968 දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ද අද දින කොරෝනා ආසාදිතයන් 02 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 සේවය කරන 949 දෙනෙකුට  මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින කොරෝනා වෛරසය ආසාදිත වූවන් ගම්පහ යක්කල වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ප්‍රතිකාර ගැනීම සදහා යොමු කර ඇති බව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

එමෙන්ම අද දින කොරෝනා ආසාදනය වීම වැලැක්වීම සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ,  සීදුව අමුණ පාරේ මෙතෝදිස්ත පල්ලියේ දී ප්‍රදේශවාසීන් 715 දෙනෙකුට  ලබා දුන් බව ද  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

 



Recommended Articles