කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය


කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 25 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටා ඇති කර්මාන්තශාලා 04 ක සේවය කරන සේවකයින් 15 දෙදෙනෙකුට  අද දින මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .

ඒ අනුව මේ දක්වා මෙම කටුනායක කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50 ක සේවය කරන සේවකයින් 837 දෙනෙකුට මෙම  කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ වාසය කරන 10 දෙනෙකුට ද අද ද මෙම කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව මේ දක්වා මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා වෛරසය ආසාදනය වූ 830 දෙනෙකු සොයාගෙන තිබේ .

එසේම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසය තුළින් අද ද කොරෝනා ආසාදිත රෝගීන් 08 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අනුව එම කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 820 දෙනෙකු හදුනා ගෙන තිබේ .

 



Recommended Articles