කටුනායක කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව


කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා මර්දන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්  එන්නත් මාත්‍රා 4,225 ක් 02/18 දින සිට අද දින දක්වා කාළය තුළ ප්‍රදේශවාසීන් හට ලබා දී ඇති බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

මෙම එන්නත් රද්දොළුව , ඇවරිවත්ත සහ අමන්දොළුව යන ප්‍රදේශ වලදී ලබා දුන් බව ද සුරේෂ් කුමාර මහතා පැවසීය .

එසේම අද දින මෙම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 06 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 870 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය අධික ග්‍රාම සේවා වසම් 66 ක් තෝරා ගෙන , ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 60,000 කට ආසන්න ප්‍රමාණයක් එම ප්‍රදේශයේ ජනතාවට  ලබා දීමට මේ දක්වා කටයුතු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles