කටුනායක කොරෝනා ආසාදිත තත්ත්වය


කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් සහ මෙම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොට්ඨාසය ආසාදිත රෝගීන් 26 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 03 කින් අද දින මෙසේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 23 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළ ඇති කර්මාන්තශාලා 50 කින් , කොරෝනා ආසාදිත රෝගීන් 926 දෙනෙකු වාර්තා වී සිටිති .

එමෙන්ම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද අද දින කොරෝනා ආසාදිත රෝගීන් 03 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 943 වාර්තා වී තිබේ .

මෙම කොට්ඨාසය තුළින් සොයාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් පිරිස හලාවත , බිංගිරිය මූලික රෝහල වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

 



Recommended Articles