කටුනායක ආරක්ෂාවට විශේෂ සුනඛයින්


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ආවේක්ෂණ රාජකාරී වල නිරත වීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද විශේෂ වර්ග වල සුනඛයන් 12 දෙනෙකු 03/18 දින සිට රාජකාරියේ යොදවා තිබේ.

 ලැබ්‍රඩෝර් , ජර්මන් ෂෙපර්ඩ් , ඉන්ග්ලිස් ස්ප්‍රින්ගර් ස්පෑනියල්  ඇතුළු සුනඛයන් 12 දෙනෙකු මාස 06 ක විශේෂ පුහුණුවකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ , පිටත්වීමේ පර්යන්ත ඇතුළු විශේෂ ස්ථාන කීපයක මොවුන් ආවේක්ෂණ රාජකාරී වල යොදවා තිබේ .

මෙම සුනඛයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රැක බලා ගනිමින් මෙසේ සේවයට යොදවා තිබේ.



Recommended Articles