කටාර් හා ජසීරා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයිකටාර් හා ජසීරා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි


කටාර් ගුවන් සේවය සහ කුවේට් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වන ජසීරා ගුවන් සේවය සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා ඇති බවට තමන් වෙත දැනුම් දී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා 06/24 දින අලුයම 05.00 ට පැවසීය .

ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත සහ කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ගුවන් තොටුපොළ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් මෙසේ අත්හිහිටුවා තිබේ.

මෙයට හේතු වී ඇත්තේ ඉරානය විසින් කටාර් රාජ්‍යයේ ඇමෙරිකානු යුධ කදවුරු වෙත පහර දීමත් සමගම කටාර් ගුවන් කළාපය වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබීමය .

මේ වනවිට අනෙකුත්  මැදපෙරදිග සහ යුරෝපයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා සාමාන්‍ය පරිදි පැමිණෙමින් සිටින බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .



Recommended Articles