කටාර් සිට ලාංකිකයින් 272 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද (1)දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් බව වාර්තා වේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන විශේෂ ගුවන් යානය මෙම මගීන් පිරිස රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට අද දින අලුයම 5.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කිරීම සිදු විය .

මේ අතර කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 668 දරන ගුවන් යානයෙන් එරට සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු අද (1) දින අලුයම 1.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මේ බැව් කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .



Recommended Articles